Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2021 08:09:33 Hours

සුළි කුණාටුවෙන් විපතට පත් ගම්වැසියන්ට සහන සැලසීමට භටපිරිස්වල සහය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකය යටතේ ඇති 241 වන බලසේනාවේ භටපිරිස් සැප්තැම්බර් මස 11 දින දමන ග්‍රාමසේවා වසමේ කෙසෙල්වත්ත ගම්මානය හරහා හමාගිය සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි සිදු වූ නිවාස 21ක් අලුත්වැඩියා කිරීම හා මාර්ග වෙත වැටි තිබු ගස් ආදිය ඉවත් කිරිමේ කටයුතුවල නිරතව සිටියි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගේ මඟපෙන්වීම මත 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකොන්ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 22 දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට යොදවන ලදී.

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි එම ඒකකයේ භටපිරිස් සමඟ විනාශයට පත් නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු සහ අවහිර වී තිබූ මාර්ග පද්ධතිය යතා තත්ත්වයට පත්කරනු ලැබීය.

යුද්ධ හමුදාවට සහය දැක්වීම සඳහා මෙම අවස්ථාවට දමන ප්‍රාදේශීය ලේකම්, දේවාලහින්ද ග්‍රාම නිලධාරී, දමන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒකකය සහ ඉගිනියාගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් ද සහභාගී වූහ.