Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 12:00:09 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් කුඹුක්කන සහ වැලිමඩ ප්‍රදේශවල හදිසියේ ඇති වූ ලැව් ගිනි නිවාදමති

මොණරාගල, දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරාබා රක්ෂිතයේ දේගලරාබ කන්ද සහ මහාගොඩයාය යන වනාන්තර ආශ්‍රිතව හදිසියේ ඇතිවූ ගින්නක් පිළිබද එම ප්‍රදේශයේ ජනතාව ඉකුත් ඉරිදා (12) දින භටපිරිස් දැනුවත් කිරිමේන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ 121 වන බලසේනාවේ භටපිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ලබාදුන් උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සම්පූර්ණයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කළහ.

එමෙන්ම, කොටවර ප්‍රදේශයේ පිහිටි රෝහල් කන්ද සහ වැලිමඩ ප්‍රදේශයේ පිහිටි පහළගම ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගිනි පිළිබඳ ඉරිදා (12) දින මහජනතාව විසින් යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ලැව්ගිනි නිවා දැමීමට යුහුසුළුව ක්‍රියාත්මක වූ භටපිරිස් කටයුතු කළහ. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ 112 වන බලසේනාවේ ගිනි නිවීමේ ඒකකයේ භටපිරිස් මෙම ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූහ. මෙම ක්‍රියාන්විතයන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී.