Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 12:45:09 Hours

භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 04 ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ බළලත් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත භඨකාර්ය සම්පාදන උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 04 2021 අගෝස්තු මස 23 දින ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ දී ආරම්භ කරන ලදී.

එහිදී, ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර විසින් ආරම්භක දේශනය සිදුකරමින් බළලත් නිලධාරියෙකු වශයෙන් භඨකාර්ය සම්පාදනය පිළිබඳ හැදෑරීමේ ඇති වැදගත්කම සහ එය ඔවුන්ගේ යුද්ධ හමුදා දිවියට වැදගත් වන ආකාරය පිළිබඳ පැහැදිලි කළේය. මෙම පාඨමාලා විෂය මාලාව දැනට පවතින න්‍යායන්/ භඨකාර්ය සම්පාදන ක්‍රියාපටිපාටියේ භාවිතයන් සහ තොරතුරු තාක්‍ෂණය ඇතුලත් ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පැකේජයකින් සමන්විත වේ.

ඉන් අනතුරුව, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක කර්නල් වයි.කේ.එස්. රංගික විසින් පාඨමාලා විෂය මාලාව සහ ඉදිරි කාලසීමාව තුළ පාඨමාලාවේ සිදුකරනු ලබන එක් එක් පියවරයන් පිළිබඳව විස්තර කළේය.

පසුව, මාණ්ඩලික නිලධාරි I (පාලන හා භඨකාර්ය සම්පාදන) ලුතිතන් කර්නල් බී.ජී. ආරියවංශ විසින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පරිපාලන කටයුතු සහ මෙම පාඨමාලාවේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකයින්, මාණ්ඩලික නිලධාරි I (පාලන හා භඨකාර්ය සම්පාදන), භඨකාර්ය සම්පාදන විද්‍යාල සාමාජිකයින්, ස්ථිර කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.