Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 13:00:09 Hours

24 වන සේනාංකයේ භටපිරිස් නින්දවූර් ප්‍රදේශයේදී වියළි සලාක පාර්සල් සහ ඖෂධ පාර්සල් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අම්පාර, පෙරියනිල්කවේනි 1 බී ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 20 ක් වෙත වියළි සළාක පාර්සල් බෙදාදුන්හ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා සහ 241 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි පෙරියනිල්කවේනි 1 බී ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි මහතා සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එම වියළි සලාක පාර්සල් බෙදාදීමට වඩාත් සුදුසු පවුල් තොරාගැනීමට කටයුතු කරන ලදී.

එදිනම, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි සහ බෝ නොවන රෝග පිළිබඳ රජයේ ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නග්ෆර් එක්ව නින්දවූර් ආයුර්වේද රෝහලේ රෝගීන් සඳහා ‘සුවධරණී’ ශාකසාර ඖෂධ පාර්සල් බෙදාදීමට කටයුතු කළහ. එමෙන්ම, දීඝවාපි ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සහ කොවිඩ් - 19 වෛරසය වැළඳීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට පුද්ගලයින් අතර බෙදාදීම සඳහා එම ඖෂධ තොගයෙන් තවත් එක් කොටසක් දීඝවාපි පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති පොද්දෙවල ශ්‍රී චන්ද්‍රානන්ද හිමිපාණන් වෙත පරිත්‍යාග කරන ලදී.