Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 13:15:09 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 03 විසිර යති

භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 03 සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක බළලත් නිලධාරින් 42 දෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීමෙන් පසු එම පාඨමාලාව පසුගිය දා සමාප්ත විය. භඨකාර්ය සම්පාදන විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පසුගිය ඉරිදා (05) දින පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර සහභාගී වූවේය.

මෙම බළලත් නිලධාරින් 42 දෙනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ පාලන නිලධාරීන් ලෙස අධිකාරියට පත්වීමට ප්‍රථම පාලන හා භඨකාර්ය සම්පාදන පාඨමාලාවේ පාලන හා භඨකාර්ය සම්පාදන පැකේජය සාර්ථකව නිමකළහ. මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බළලත් නිලධාරි I එච්.එම්.කේ. විජේසිංහ සමත්විය. එහි සමාප්ති උත්සවය අවසානයේ බළලත් නිලධාරි ඇමතු එම විද්‍යාලයේ සේනාවිධායක ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කළේය.

මෙම අවස්ථාවේදී, සමාප්ති දේශනය සිදුකරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තිකයින් වීම සඳහා කොමිෂන් ලැබීමෙන් පසු නිලධාරින් සතුවිය යුතු ගුණාංග පිලිබඳ පැහැදිලි කළේය. එමෙන්ම, එම බළලත් නිලධාරින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ අරමුණු සාක්‍ෂාත් කළ බවත් පාලන හා භඨකාර්ය සම්පාදන ක්ෂේත්‍රය තුල අධ්‍යයන කටයුතු තවදුරටත් සිදුකරන ලෙසත් ඔවුන්ට උපදෙස් ලබාදුන්නේය.

සමාප්ති උත්සවය අවසානයේ භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක සියළුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක්කළහ. මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ අවසන් පුහුණු වැඩසටහන සඳහා දියතලාව යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලට වාර්ථා කිරීමට නියමිතය.