Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 16:00:09 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු බලකායේ භටපිරිස් පොද්දෙනිකන්ද මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ

2021 පෙබරවාරි මස 06 දින දික්‌කැල්ලකන්ද ගම්මානයේදී පැවැත්වූ 9 වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් යටියන්තොට, මාලිම්බොඩ, පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සහ එම විද්‍යාලයේ ස්ථාපිත සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර ශ්‍රවණාගාරයේ ප්‍රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබති.

මෙම ව්‍යාපෘතියට සමගාමීව, 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 4 ක් ඇතුළත එම විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ අතර ශ්‍රවණාගාරයේ (100 'x 20') ප්‍රතිසංස්කරණ කටයුතු ද මීට දින කිහිපයකට පෙර අවසන් කළහ. මෙම ව්‍යාපෘතිය පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.

ශ්‍රවණාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 4.2 ක් වන අතර ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අරමුදල් සපයනු ලැබිණි. එහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සිදුකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිගේ නියෝග මත භටපිරිස් විසින් මෙම ව්‍යපෘතිය නියමිත දිනට ප්‍රථම අවසන් කරන ලදී.