Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2021 12:00:36 Hours

බලහරුව ප්‍රදේශයේ වගාකරන ලද ගංජා තොගයක් භටපිරිස් විසින් විනාශ කරති

බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (14) දින සන්ද්‍යාවේ තණමල්විල බලහරුව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කරන ලදී.

කැලෑබද ප්‍රදේශයේ අක්කර 1/2 ක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව වගාකරන ලද මෙම ගංජා තොගය රුපියල් මිලියන 10 ක පමණ වටිනාකමකින් යුතු වේ. මෙම වැටලීම සිදුකිරීමෙන් අනතුරුව පොලීසිය දැනුවත් කළ විගස පොලිස් නිලධාරින් මෙම ස්ථානයට පැමිණියහ. ඉන් අනතුරුව, පොලිස් නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් එම ගංජා තොගය විනාශ කරන ලදී.

මෙම වැටලීම පිළීබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු තණමල්විල පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත මෙම නීතිවිරෝධී ලෙස වගාකර තිබූ ගංජා තොගය විනාශ කිරීමට භටපිරිස් කටයුතු කළහ.