15th September 2021 14:00:36 Hours
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සාලිය අමුණුගම ඉකුත් සදුදා (13) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
එහිදී, බ්‍රිගේඩියර් සාලිය අමුණුගම ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
බ්‍රිගේඩියර් සාලිය අමුණුගම මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි ඉටුකරන ලදී.
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක් සහභාගී වූහ.