Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2021 16:00:11 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විනයාරක්‍ෂාධිපති රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 13 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ පසුගිය සඳුදා (13) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.

එහිදී, බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කරනු ලැබූ බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ලක්‍ෂ්මන් බමුණුසිංහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන ලෙස රාජකාරි කරන ලදී.