Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2021 13:00:02 Hours

යාපනයේ පූජකයින් විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

යාපනය ක්‍රිස්තියානි දේවස්ථානයේදී ගරු එඩ්වඩ් පියතුමන් විසින් කොවිඩ් - 19 ආසාදිතයින් වෙත බෙදාදීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 100 ක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වෙත පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් වවුනියාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් අතර බෙදාදීමට කටයුතු කළහ.

එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් සහ ප්‍රතිකාර ලබන අයවලුන් අතර බෙදාදුන් මෙම පාර්සල් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත විය.