12th September 2021 14:00:02 Hours
එක්සත් රාජධානියේ වෙසෙන රෙෂාන් දිනාල් ද සිල්වා, සේනානි කොඩිතුවක්කු, නිහාල් රත්නායක, කිත්මිණි කොඩිතුවක්කු, ඔල්ගා සෙනෙවිරත්න, සෝමකීර්ති රාජසිංහ සහ නිල්මිණි ලංකාතිලක යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිකුරාදා (10) දින වවුනියාව ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත වැසියන් අතර රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා විශේෂ අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සහභාගී වූහ. මෙම වැඩසටහන 56 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි - 1 (සම්බන්ධීකරණ) ලුතිනන් කර්නල් ප්‍රසන්න ද සිල්වා විසින් සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් සුජීව ප්‍රියන්තලාල්, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සනත් නිල්මල්ගොඩ, 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ජනක පෙරේරා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.