Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 10:55:33 Hours

පසුගියදා සිදුවූ ග්‍රාම නිලධාරිණියගේ ස්වාමිපුරුෂයාගේ මිනීමැරුම සම්බන්ධව පොලිසිය විසින් සිදුකරනු ලබන පොලිස් පරීක්‍ෂණ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහය

(මාධ්‍ය නිවේදනය)

මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරනු ලබන පොලිස් පරීක්‍ෂණ සඳහා සහය දක්වමින් යුද්ධ හමුදා සාමාජිකයෙකු ඊට සම්බන්ධවී ඇද්ද යන්න විමර්ශණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත පසුගිය දින කිහිපය තුළදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින් අදාළ විමර්ශණ කටයුතු සිදුකරන ලදී.

එසේ සිදුකරනු ලැබු විමර්ශණවලට අනුව මට්ටක්කුලිය යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙකු තවත් පුද්ගලයන් සමග එක්ව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් මෙම කොප්‍රල්වරයා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අය සමඟ සබඳතාවක් පවත්වා ඇති බවට සැක කරන බව මූලික පරික්‍ෂණ වාර්තාවලින් මේවන විට තහවුරු කරගෙන තිබේ. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පළකරන පුද්ගලයින් මේවන විට ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිසිය වෙත භාරදී ඇත.

මෙම ක්‍රියාවට යම්කිසි යුද්ධ හමුදා සාමාජිකයෙකු වැරදිකරුවෙකු වුවහොත් ඔහුට එරෙහිව අපරාද නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් අදාළ පාර්ෂවයන් වෙත උපදෙස් ලබාදී ඇත. (නිමාව)