Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2021 21:00:19 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිවාස ව්‍යාපෘතියෙන් තවත් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් සිදුකරනු ලබන ප්‍රජා මූල ව්‍යාපෘති තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉකුත් බදාදා (08) දින රබෑව මහකනදරාව ප්‍රදේශයේ පදිංචි කේ. ඉන්ද්‍රාණි මල්ලිකා මහත්මියට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ යුද්ධ හමුදා සහයෝග්‍යතා ව්‍යාපෘති යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ සම්බන්ධීකරණයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දරුවන් සත්දෙනෙකු සමග ස්ථීර නිවසක් නොමැතිව දිවිගෙවන කේ. මල්ලිකා මහත්මිය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පරිත්‍යාගශීලියෙකු ගේ අනුග්‍රහකත්වය ඇතිව මෙම නව නිවස ඉදිකිරීමට නියමිතව ඇත.

නව නිවසට මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහභගී විය.

මෙම නව නිවසේ ඉදිකිරිම් කටයුතු 21 වන සේනාංකයේ සහ 211 වන බලසේනාවේ මඟපෙන්වීමත 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය ඇතිව සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ සෙනේවිරත්න, 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරීන්, භටපිරිස් සහ නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.