Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2021 17:00:18 Hours

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මුදවාගැනීමේ පුහුණු අභ්‍යාසවල නිරත වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ යටතේ ඇති 144 වන බලසේනා මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හදිසි ජල ගැලීමකදී ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද කැළණි ගඟ ආශ්‍රිතව ඉකුත් අඟහරුවාදා (7) දින මුදවාගැනීමේ පුහුණු අභ්‍යාසවල නිරත වූහ.

මෙම පුහුණු අභ්‍යාසයේදී භටපිරිස් හදිසි ජල ගැලිමකදී ප්‍රායෝගික සන්නිවේදන ක්‍රම, ගලවා ගැනීම, ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම, ආහාර හා ඖෂධ බෙදා හැරීම සහ උපාය මාර්ගික සැලසුම් උපයෝග කරගනිමින් ප්‍රයෝගික ක්‍රියාකාරකම්වල නිරත වූහ.

මෙම පුහුණු අභ්‍යාසය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කු සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එස් කුමාර පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහභාගී වූහ.