Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 17:10:44 Hours

යුද්ධ හමුදා භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවකගේ නිවසේ වහලය අලුත්වැඩියා කරති

ඊසාන දිග මෝසම් වැසි සමය ආරම්භ වීමට පෙර තම නිවසේ වහල සෙවිලි කරදෙන ලෙස වාකරේ ප්‍රදේශයේ පදිංචි කනේෂන් ජනේෂ්වරී මහත්මිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් නිවසේ අඩක් හානි වූ වහලය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තාය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ පාලනය වන 233 වන බලසේනාවේ භටපිරිස් වහලය දින දෙකක් වැනි කෙටි කාළයක් තුළ ප්‍රතිංස්කරණය කර ඉකුත් සදුදා (6) දින නිවෙස් හිමියන් වෙත භාරදෙන ලදී.