Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 17:15:44 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් නීතිවිරෝධි කහ තොගයක් අත්අඩංගුවට ගනී

මන්නාරම පාලම අසල මාර්ග බාධක රාජකාරින්වල නිරතව සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සිථාපිත 54 වන සේනාංකය යටතේ පාලනය වන 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (8) දින නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 306ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මෙම නීති විරෝධි කහ තොගය සැකකරුවෙකු විසින් මන්නාරමේ සිට එරාවූර් දක්වා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කහ තොගයේ වටිනාකම රුපියල් මිලයන 1.836 කට වැඩිවන අතර, මෙම සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් වාහනය සහ කහ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.