08th September 2021 12:03:55 Hours
මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ඉකුත් අඟහරුවාදා (7) දින 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ භටපිරිස් 130 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාගය කරන ලදී.
මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ මඟපෙන්වීම මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ ලේ බැංකුවේ කාර්යය මණ්ඩලය විසින් මෙහෙයවන ලදී.