Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 17:20:44 Hours

විශ්‍රාමික කර්නල් කස්තුරිආරච්චිගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරේ

කර්නල් එෆ්. එස් කස්තුරිආරච්චි (විශ්‍රාමික) කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සඳුදා (6) දින අභාවප්‍රාප්ත විය. දේහය පිළිබද අවසන් කටයුතු පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව ඉකුත් අඟහරුවාදා (07) දින බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

කර්නල් එෆ්. එස්. කස්තුරිආරච්චි (විශ්‍රාමික) වර්ෂ 1923 දෙසැම්බර් මස 23 දින උපත ලැබූ අතර, හෙතෙම පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් වර්ෂ 1952 මැයි මස 01 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැදි පාඨමාලාව සාර්ථකව හැදැරීමෙන් අනතුරුව වර්ෂ 1952 මැයි මස 01 දින දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්විය. එතුමන්ගේ කීර්තිමත් හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු රැසක් හොඹවමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකරන ලදී.

කර්නල් එෆ්.එස් කස්තුරිආරච්චි (විශ්‍රාමික) සිය වසර 26 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ නිලධාරියෙකු වශයෙන් ආදර්ශමත් ගුණාංග විදහා පාමින් හමුදාවට සහ රටට මහඟු සේවයක් ඉටු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, වර්ෂ 1978 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. යුද්ධ හමුදාවට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නාමය සහ ආදර්ශමත් සේවාව සැමවිටම සිහිපත් වනු නොවනුමානය.

ඔබ ලක් මාතාවගේ වීර පුත්‍රයෙකු ලෙස සදා ජීවමාන වනු ඇත. විශේෂ නියෝග පලවන කොටසෙහි (Special Part I Order) නියෝගය පහතින් දැක්වේ.