Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2021 15:30:18 Hours

4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් පානීය ජල පහසුකම් සපයති

4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 125කට පමණ අවශ්‍ය පානීය ජල පහසුකම් සපයමින් මඩකලපුව, රජතුරෙයිනගර් පුල්ලයාර් කෝවිල ප්‍රදේශයේ පානීය ජල සැපයුම් ස්ථානයක් ස්ථාපිත කරන ලදී. මෙම ජල සැපයුම් මධ්‍යස්ථානය ඉකුත් සිකුරාදා (03) දින පැවති උත්සවයකදී සිවිල් වැසියන් වෙත භාරදෙන ලදී.

ජල සැපයුම් මධ්‍යස්ථානය විවෘත්ත කිරිමේ උත්සව අවස්ථාව සඳහා සපැමිණි නිලධාරීන් ගම්වාසීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව නිලධාරීන් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා පානීය ජල සැපයුම් මධ්‍යස්ථානය විවෘත්ත කළේය. මෙම ජල සැපයුම් මධ්‍යස්ථානයේ ජල ටැංකිය එක්වරක් පිරවීමෙන් පසු දින කිහිපයක් ජලය ලබාගැනීමට හැකි ධාරිතාවයකින්ද සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දිලූප බණ්ඩාර සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජේ.ඒ.එම්.පී. ගුණරත්න, 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි එම ඒකකයේ නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක් එක් වූහ.