Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2021 19:45:24 Hours

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 14 වරටත්

ජෙනරල් සර් ජොන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සංවිධානය කරන ලද 14 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින ආරම්භ කරන ලදී. ආරමභක උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා සම්භාවනීය අමුත්තන් ඇතුලු ප්‍රධාන කථිකයින් පිරිසක් සහභාගී වූහ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මෙවර පැවැත්වෙන සමුළුව ‘සංවර්ධනය රඳා පවතින්නේ ජාතික ආරක්‍ෂාව තහවුරුකරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මතයි’ යන තේමාව යටතේ පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ පර්යේෂණ ඉදිරිපත් කිරීම් මාර්ග ගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෙනත් විශ්වවිද්‍යාල වල කුලපතිවරු සහ උප උපකුලපතිවරු, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරුන්, පීඨාධිපති වරුන් සහ අධ්‍යක්‍ෂවරුන්, හිටපු කුලපතිවරුන්, උපකුලපතිවරුන් සහ සේනාවිධායකවරුන්, ප්‍රවීණ විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය කීර්තිමත් සම්භාවනීය අමුත්තන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

මෙම සමුළුව ඇමතු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), වසංගත තත්වය අඛණ්ඩව පැවතුනද, අපේ රට අනතුරේ හෙළීමට ඉඩ නොතබා, ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් ඇති කරගනු ලබන ස්ථාවරත්වය මත අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපි සැමවිටම කටයුතු කළ යුතු බව පැවසීය. තවද දශක තුනකට ආසන්න කාලයක් රටට විශාල තර්ජනයක් ව තිබු ත්‍රස්තවාදය ගැන මෙන්ම රටේ සංවර්ධනය පිළිබඳව සඳහන් කරමින් එතුමා පැවසුයේ, පැවති ත්‍රස්තවාදී උවදුරෙන් රට මුදා ගැනීමට අපට හැකි වූවත් එවැනි මුළු ලෝකයටම විශාල තර්ජනයක් එල්ල කර ඇති වසංගතයක ස්වරූපයෙන් පැමිණි තර්ජනයකට අප මුහුණදී සිටින බවයි.

මෙම සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් සිදු කළ අතර එතුමන් විසින් මෙම අවස්ථාව සිහිවනු වස් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක්ද පිරිනමන ලදී.