Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 12:56:55 Hours

දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති නිරෝදායන ඇදිරිනීතිය සැප්තැම්බර් මස 21 වන දින දක්වා දීර්ඝ කෙරේ

පවතින කොවිඩ්-19 වෛරසය සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 13 දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021, සැප්තැම්බර් මස 21 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇති බව අද (10) දින මධ්‍යහනේ නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

තවද අත්‍යවශ්‍ය සේවාවන් වන ඖෂධ සැල් විවෘතව තැබීම, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම, ඇගලුම් කර්මාන්තය, අපනයන කටයුතු ආදී කර්මාන්තයන් සහ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ඇති අතර, ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව වයස අවුරුදු 20 ට වැඩි අයවළුන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් මෙම නිරෝධායන ඇදිරිනීති සමය තුල ක්‍රියාත්මක කරනු ලබන බව වැඩිදුරටත් යුද්ධ හමුදාපතිතුමන් සදහන් කරන ලදී.