Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2021 13:00:59 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි යාපනය, පේරාදෙණිය සහ මඩකලපුව ශීක්‍ෂණ රෝහල් වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඇමරිකානු ශ්‍රී ලංකා පදනමේ සාමාජිකයින් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ අතර එම පරිත්‍යාගයන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත ලබාදීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත භාර දෙන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නියෝජනය කරමින් 521 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ලුතිතන් කර්නල් ප්‍රසාද් ප්‍රනාන්දු විසින් ඉකුත් සදුදා (06) දින යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සත්‍යමූර්තී වෙත ලීටර් 10 ඔක්සිජන් සාන්ද්‍රන මාපක යන්ත්‍ර (Oxygen Concentrators) 05 ක්, (Rebreather Adult Concentration Oxygen Masks) 40 ක්, ඔක්සිජන් මාපක (oximeters) සහ (Filter +1 Tube) 05 ක්, ඇතුලු උපකරණ කට්ටල නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 14 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරින් ද සහභාගී වූහ.

ඒ හා සමානව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපාංග යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ අධීක්‍ෂණය යටතේ මඩකලපුව - ශික්ෂණ රෝහල වෙත භාර දෙන ලදි.

ඒ අනුව ලීටර් 10 ඔක්සිජන් සාන්ද්‍රන මාපක යන්ත්‍ර (Oxygen Concentrators), (Rebreather Adult Concentration Oxygen Masks) 40 ක්, ඔක්සිජන් මාපක (oximeters) සහ (Pulse Oximeters) ඇතුලු උපකරණ කට්ටල මඩකලපුව ශීක්‍ෂණ රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, කලවන්චිකුඩි මූලික රෝහල, වාලච්චීනේ මූලික රෝහල සහ එරාවූර් මූලික රෝහල වෙත කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම වෛද්‍ය උපකරණ තොගය 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දිලීප බණ්ඩාර සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ තවත් නිලධාරීන් පිරිසක් සමග රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මේ අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලද ලීටර් 10 ඔක්සිජන් සාන්ද්‍රන මාපක යන්ත්‍ර (Oxygen Concentrators) 03 ක්, (Rebreather Adult Concentration Oxygen Masks) 30 ක්, ඔක්සිජන් මාපක (oximeters) 12 ක් සහ (1 Filter +1 Tube) 02 ක්, ඇතුලු වෛද්‍ය උපකරණ කට්ටල ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සම්බන්ධතාවයෙන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 111 වන බලසේනාවේ බලසේනාධිපති සහ 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පේරාදෙණිය, ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෙත 2021 සැප්තැම්බර් මස 6 දින නිල වශයෙන් භාර දෙන ලදී.