Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2021 16:28:19 Hours

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඉකුත් බාදාදා (8) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය.

මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් රාජකාරී ආරම්භ කළේය. හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් වසන්ත මාදොල විශ්‍රාමයාමෙන් පසු මෙම නව තනතුරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පත්විය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් සමන්ත සිල්වා, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි, හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන් පිරිසක්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.