07th September 2021 13:00:10 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ කාර්යය මණ්ඩලය සමග එක්ව එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් සදුදා (6) දින පනාගොඩ බෝධිරාජාරාම විහරස්ථානයේදී පවත්වන ලදී.
මෙම එන්නත්කරණ වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥානරත්න, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් දියත්කරන ලදී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්‍ෂණය යටතේ ජංගම එන්නත්කරණ වැඩසටහන් ඇතුළුව, දිවයිනේ බොහෝ ස්ථාන වල දැනට ක්‍රියාත්මක වෙමින් පවතින එන්නත් කිරීමේ වැඩසටහන් තවත් පුළුල් කිරිමේ අරමුණින් මෙම වැඩසටහන දියත්කරන ලදී.