07th September 2021 16:00:10 Hours
යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්නගේ සහ 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස් දෙහිගස්මුල්ල සිට හැළඹ දක්වා (කි.මී.1.4) මාර්ගය සහ කොස්ගස්හන්දිය සිට නෙලුම් උයන දක්වා (කි.මී. 1) මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත සිදු කරනු ලබයි.
රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය මාර්ග කි.මී. 100,000ක් ප්‍රතිසංස්කරණය කිරිමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත පිරිවැය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරගේ සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වීජේසුන්දරගේ උපදෙස් මත ඉංජිනේරු භටපිරිස් විසින් සිදුකරනු ලබයි.