Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 17:00:10 Hours

යුද්ධ හමුදා භටපිරිස් ‘තියාහි’ අසරණ සරණ භාරයේ අනුග්‍රහකත්වය ඇතිව යාපනයේදී වියළි ආහාර සලාක පාර්සල් 1000 ක් බෙදා දෙති

ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංකවල භටපිරිස් විසින් කෝපායි, වර්තවිලාන්, අරාලි, මීනචි, කරෙයිනගර්, තෙලිප්පලේ, පලෙයි, ඉලක්කඩු, උරික්කඩු, විදාත්තපාලෙයි, කොඩිකානම්, කෝවිලක්කන්ඩි, අල්ලරෙයි, එල්ලන්කුළුම්, කට්කොවලම් සහ මරදන්දර්නි යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් 1000 ක් බෙදාදීම ඉකුත් සෙනසුරාදා (4) වන දින සිදුකෙරිණි.

එම වැඩසටහන යාපනය, මඩකලපුව, කුරුණෑගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මෙන්ම කඳුකර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අරමුදල් ලබාදෙනු ලබන සමාජ සේවා ස්වේච්ඡා සංවිධානයක් ලෙස පිහිටුවා ඇති ‘තියාහි’ අසරණ සරණ භාරයේ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රහකත්වය ඇතිව සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උපදෙස් පරිදි අදාළ සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ග්‍රාම සේවා නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම ප්‍රදේශයේ තොරාගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත භටපිරිස් විසින් මිලියනයක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 1000ක් මෙලෙස බෙදාදෙන ලදී. මෙම වැඩසටහන තුළින් යාපනය අර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වට සහන සැලසීමට අපේක්‍ෂා කෙරේ.

මෙම වැඩසටහන සඳහා 51, 52 සහ 55 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම ග්‍රාම නිලධාරීන් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගී වූහ.