03rd September 2021 12:20:30 Hours
භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පාලනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පිටිපන සහ බොරලැස්ගමුව ප්‍රදේශවල පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථානවල අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලමින් එම මධ්‍යස්ථානවල සේවය කරන යුද්ධ හමුදා කාර්යමණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.
මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.