02nd September 2021 08:00:20 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් අඟහරුවාදා (31) දින සිය බලප්‍රදේශයේ රාජකාරි කටයුතු සඳහා පසුගියදා අනුයුක්ත කරන ලද 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් ඇමතූවේය.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.ඒ.ඒඑන්.ආර්. පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියන් සහ කොමිෂන් නොලත් නිලධාරිනියන් සහභාගි වූහ.