02nd September 2021 13:00:11 Hours
යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව භඨනිවාස සංකීර්ණය ඉකුත් බදාදා (01) දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ සුරතින් විවෘත කෙරිණි.
රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් වසන්ත මාදොල සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past Guard Turnout) පිරිනමන ලදී.
පසුව, රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් සහ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල පිළිගත්තේය.
ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ සුරතින් විවෘත කරන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ උපදෙස් මත රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දිගුකාලීනව පැවති අවශතාවයක් සපුරාලමින් 2021 ජූලි මස 08 වන දින නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය. එම උත්සවය රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් ගේ ආරාධනයකට අනුව සපැමිණි මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ ලබාදුන් උපදෙස් මත රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ව්‍යාපෘති භාර නිලධාරි මේජර් තිලක් ජයකොඩි ගේ අධීක්‍ෂණ යටතේ දින 42 ක් වැනි කෙටි කාලයක් තුල මෙම ගොඩනැගිල්ල අංග සම්පුර්ණව ඉදිකරන ලදී.
මාස 4 කට පසු ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ මෙම භඨනිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 4 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් කඩිනමින් සිදුකරන ලදී.
එහිදී, ඉංජිනේරු සේවා බලකායේ සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් මේජර් ජෙනරල් වසන්ත මාදොල මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දැක්වු සියලුදෙනාට ස්තූතිය පුදකළේය.
මෙම සංචාරය අවසානයේ මේජර් ජෙනරල් වසන්ත මාදොල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සාර්ථකත්වය උදෙසා කැපවීමෙන් යුතුව කටයුතු කරන සේනාවිධායක සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඇතුළු සියලුදෙනාට සිය කෘතඥතාවය පුද කළේය. පසුව විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබු මේජර් ජෙනරල් වසන්ත මාදොල වෙත විශේෂ සමරු තිළිණයක් ද මෙහිදි පිරිනැමුවේය.