Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2021 06:20:30 Hours

අපරැක්ක ආයුර්වේද රෝහලේ තවත් වාට්ටුවක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කරයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමඟ 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ භටපිරිස් අපරැක්ක ආයුර්වේද රෝහලේ වාට්ටුවක් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීමේ කටයුතු ඉකුත් අඟහරුවාදා (31) දින ආරම්භ කළේය.

613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමේ කටයුතු සිදුකරන ලදී.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ වෙත ලබාදුන් උපදෙස් මත දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා පියවර ගත්තේය.