Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2021 08:20:30 Hours

දකුණේ එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන්ට පළමු එන්නත ලබාදීම බ්‍රහස්පතින්දා (02) දින තංගල්ල, අම්බලන්තොට සහ තිස්සමහාරම යන ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු පළාතේදී ආරම්භ විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය වෙතින් ලබාදුන් එන්නත් මහජනතාව වෙත මෙලෙස එන්නත් කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පියවර ගත්තේය.

යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම්, 23 වන ගජබා රෙජිමේන්තුවේ හා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සහ සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව මෙම එන්නත්කරණ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා කටයුුතු කරන ලදී.

දකුණේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව සිදුකිරිමට නියමිතය.