Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2021 15:51:10 Hours

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන බවත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත් කිරීම අවසන් කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන බවත් වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාටම එන්නත් කිරීම ද කඩිනමින් අවසන් කරන බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

“දැනට පවතින නිරෝධායන ඇඳිරි නිතිය එළඹෙන සදුදා (06) උදෑසන 4.00 ට ඉවත් කිරිමට තිබුණත් අද අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදුන්නා මෙම නිරෝධායන ඇඳිරිනීතිය එළඹෙන (13) වන සඳුදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කිරීමට. ඒවගේම, අතිගරු ජනාධිපතිතුමා විසින් මේ අවස්ථාවේදී පැහැදිලි කලා මේ වනවිටත් වයස අවුරුදු 30 ට වැඩි ශ්‍රී ලාංකීය ජනතාවට ලක්‍ෂ 88 කට වැඩි ප්‍රමාණයක් එන්නත් දෙකම ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉතින් ඒ අනුව, යම් යම් දිස්ත්‍රික්කවල සුළු වශයෙන් හෝ එන්නත්වල අඩුපාඩුකම් තිබුණා නම් එළඹෙන 5 වන දින ශ්‍රී ලංකාවට තවත් මිලියන 4 ක සිනොෆාම් එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිතුමා ඒ එන්නත් වලින් එම අඩුපාඩු ඇති දිස්ත්‍රික්ක වලටත් එන්නත් ලබාදීමට ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව, 5 වෙනිදා සිට සතියක් වැනි කාලයක් තුලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සියලුම දිස්ත්‍රික්කවල ඉන්න වයස අවුරුදු 30 ට වැඩි ජනතාවට එන්නත් ලබාදීමට කටයුතු කිරිමට.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී.