Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 08:45:11 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභි පවුල් දෙකකට නව නිවාස

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව කොල්ලන්කල්ලඩ්ඩි සහ උඩුවිල් දකුණු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව නිවාස දෙකක් පසුගියදා නිවාසලාභීන් වෙත භාරදුන්හ.

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව දිවයින පුරා සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන යුද්ධ හමුදා භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් අඩු ආදායම්ලාභි පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත 511 සහ 515 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවස දෙක ඉදිකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (30) දින වෙන් වෙන් වශයෙන් පැවැති උත්සව දෙකකදී නිවාසලාභීන් වන ජෙනදාස් අනුශ්‍රා මහත්මිය සහ රාජ්කුමාර් තත්චජිනි මහත්මිය වෙත නව නිවාස දෙකේ යතුරු භාරදුන්නේය. දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සව සඳහා සීමිත පිරිසක් සහභාගි වූහ.

ප්‍රතිලාභින් වෙත නව නිවාස භාරදීමෙන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ යුද්ධ හමුදා භටපිරිස් විසින් වියළි සලාක සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ නිවාසලාභින් වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට 51 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සෑල්ල ද එක්ව සිටියහ.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති නව නිවාස විවෘත කිරීමේ උත්සව සඳහා ජාතික නිවාස අධිකාරියේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරින්, 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජුඩ් ප්‍රනාන්දු හා 515 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අරුණ විජේකෝන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, නිවාසලාභි පවුල්වල සාමාජිකයින් සහ නිවාස ඉදිකිරිම් කටයුුතු සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් යුද්ධ හමුදා භටපිරිස් සහභාගි වූහ.