Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 17:51:46 Hours

මුලන්කාවිල් බළඇණි පුහුණු පාසලේදී ආධුනික සෙබළුන් 287 ක් විසිරයයි

65 වන සේනාංකය යටතේ මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථානගත බළඇණි පුහුණු පාසලේ පළමු කණ්ඩායම යටතේ පුරා මාස 4 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නව ආධුනික සෙබළුන් 287 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය 65 වන සේනාංකය සහ 651 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ ඉකුත් සෙනසුරාදා (28) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විණි.

මෙලෙස විසිරයන ලද ආධුනික සෙබළුන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව (11), කමාන්ඩෝ රෙජිමේන්තුව (103), විශේෂ බලකාය (109), සන්නද්ධ බුද්ධි බලකාය (54) සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව (10) යන රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කිරීමට නියමිය.

බළඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් සුමිත් ප්‍රියන්තගේ ආරාධනයට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසිරයන ආධුනික සෙබළුන් අමතමින් යුද්ධ හමුදා සාමාජිකයින් ලෙස විනය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ සහ රාජකාරී නිසි ලෙස ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

තවද, විශ්වාසනියත්වය සහ ඵලදායිතාවය ආරක්‍ෂා කරගනිමින් යුද්ධ හමුදා සාමාජිකයින් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම්වලට ගරු කරමින් රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා කටයුතු කරන මෙන් එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසිරයන ආධුනික සෙබලුන් අමතමින් වැඩිදුරටත් පැවසීය.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය සන්නද්ධ බුද්ධි බලකායේ ආධුනික සෙබල ජි.ටි.එන්.ගුණසිරි විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සෙබලාට හිමි සම්මානය විශේෂ බලකායේ ආධුනික සෙබල එච්.ඒ.පී. දේවා විසින් හිමිකරගත්හ. පාඨමාලාවේ හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට විශේෂ බලකායේ අධුනික සෙබල කේ.ජි.එම්.පී. කොටුවේගෙදර සමත්විය.

පාඨමාලාවේ දක්‍ෂතා දැක්වු ආධුනික සෙබලුන්ට ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් එහිදි සම්මාන ප්‍රදානය කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා ප්‍රධාන උපදේශක ඇතුළු උපදේශකයින් සහ පරිපාලන කාර්යමණ්ඩලයේ භටපිරිස් සහභාගි වුහ.