Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 06:44:30 Hours

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සමාජ ක්‍රියාකාරිකයෙකු රාත්‍රි ආහාරවේලක් පිරිනමයි

කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු වන සුපුන් වීරසිංහ මහතාගේ ජන්ම දිනයට සමගමීව ඉකුත් ඉරිදා (29) දින යුද්ධ හමුදාව සමඟ සම්බන්ධතාවයෙන් රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රාත්‍රි ආහාරවේලක් පිරිනැමුහ.

පරිත්‍යාගශීලි සුපුන් වීරසිංහ මහතා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධමිමි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සමඟ සම්බන්ධතාවයෙන් යුතුව දියත් කරනු ලැබු මෙම වැඩසටහනේදී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළු කාර්යමණ්ඩලයේ 200 දෙනෙකුට විශේෂ රාත්‍රි ආහාරවේලක් ලබාදෙන ලදී.