Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 06:50:00 Hours

මඩකලපුවේ ඇඟලුම් සේවකයින් එන්නත්කරණයට

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මඩකලපුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහන් දියත් කරන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දිලුප බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් සෙනසුරාදා (28) දින මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහන අතරතුර, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්වල සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ආරියම්පති බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන් ලිමිටඩ් ආයතනයේ සේවකයින් 400 ක් වෙත ‘සිනෝෆාම්’ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන්හ. තවද, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත් කිරීමේ ව්‍යාපාතිය ප්‍රමුඛතාවයක් මත තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.