Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 06:44:40 Hours

බිදුනුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

බණ්ඩාරවෙල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු විසින් ඉකුත් ඉරිදා (29) දින බිදුනුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කුළු බඩු, කෙටි ආහාර, මුහුණු ආවරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

ඌව පළාත් සභාවේ සැලසුම් ඉංජිනේරුවරයෙකු වන එච්.එම්. ජයරත්න මහතා විසින් කොත්තමල්ලි, බිස්කට්, සීනි, කිරිපිටි, මුඛ ආවරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙලෙස පරිත්‍යාග කළේය. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම පරිත්‍යාගය වෙනුවෙන් පරිත්‍යාගශීලින් වෙත සිය ස්තූතිය පුද කළේය.