02nd September 2021 06:45:00 Hours
අම්පාර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම වැළැක්වීම සඳහා ගත යුතු පියවරයන් සහ අනුගමනය කල යුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිබඳ බැනර් ප්‍රදර්ශනය කරමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 24 වන සේනාංක මුලස්ථානය විසින් දියත් කරන ලදී.
24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකෝන් මේ පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේ ඇතුළු ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංවිධානය කළ මෙම වැඩසටහනේදී මහජනතාව දැනුවත් කිරීමේ බැනර් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථාන ආවරණය කරමින් ප්‍රදර්ශනය කරන ලදී.