30th August 2021 11:20:35 Hours
ගලේවෙල ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරින් විසින් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් ප්‍රතිකාර ලබන ගලේවෙල රෝහල වෙත රූපවාහිනි ඇතුළු තවත් විදුලි උපකරණ කිහිපයක් ඉකුත් සිකුරාදා (27) දින පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම්, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වුහ.
මෙලෙස පරිත්‍යාග කල විදුලි උපකරණ එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වාට්ටු තුල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට නියමිතය.