30th August 2021 11:25:35 Hours
අරසපුරකුලම් පිහිටි 66 වන සේනාංකයේ පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල බුද්ධ මන්දිරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් නිකිනි පුර පසලොස්වක පොහෝදින (22) විවෘත කරන ලදී.
පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් පී. මුතුනායක ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ආගමික වතාවත් මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට වැඩමවා වඳාල නාවත්කුලි විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් ධර්ම දේශනයක් සිදුකළහ.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වුහ.