30th August 2021 12:00:35 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින ඉරක්කමම් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.
මෙම වැඩසටහන 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකෝන් ගේ උපදෙස් මත 11 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඩි. වීරසිහ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.