Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2021 11:30:35 Hours

4 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් උන්නච්චිය ප්‍රදේශයේ අඩු අඩුදායම්ලාභි පවුලකට නව නිවසක්

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලස්නා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව උන්නච්චිය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදීම සඳහා ඉකුත් සිකුරාදා (23) දින මුල්ගල තබන ලදී.

යුද්ධ හමුදාවේ ඉල්ලිම පරිදි නව නිවස ඉදිකිරීම සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය හෘද ශල්‍යය විශේෂඥ වෛද්‍ය මුදිත ලංසක්කාර විසින් ලබාදුන් අතර නිවසේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් සිදුකරනු ලබයි.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් ජේ.ඒ.එම්.පී. ගුණරත්න විසින් නව නිවස ඉදිකිරීම සඳහා සුභමොහොතින් මුල්ගල තැබීය. එම අවස්ථාවට 4 වන ගැමුණු හේවා බළඇණයේ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දිලුප බණ්ඩාර ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.