28th August 2021 13:00:09 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සිල්වා රාජකාරි කටයුතු ආරම්භ කළේය.
නව ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීම සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති එම මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගත්තේය.
ආගමික වතාවත් සහ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සිල්වා එම අවස්ථාව සනිටුහන් කරමින් මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති රාජකාරී භාරගැනීමේ උත්සවය සඳහා සියලුම මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.
මීට ප්‍රථම ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද ආඥාපති ලෙස කටයුතු කල බ්‍රිගේඩියර් එච්.එල්. ගුරුගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ තනතුර හෙබවු බ්‍රිගේඩියර් ප්‍රියන්ත සිල්වා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද නව ආඥාපති ලෙස රාජකාරි කටයුතු භාරගත්තේය.