Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2021 12:30:09 Hours

යුද්ධ හමුදා භටපිරිස් අළුත්වෙල ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කුඩාඔය අළුත්වෙල ප්‍රදේශයේ ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.

පර්චස් 25 ක පමණ භූමි ප්‍රමාණයේ නීති විරෝධී ලෙස රහසිගතව වගාකර තිබු ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 10 ක් පමණ වේ. යුද්ධ හමුදාව විසින් ගංජා හේන වැටලිමෙන් අනතුරුව කුඩාඔය පොලිසියේ නිලධාරින් ද එම ස්ථානයට පැමිණියහ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි