Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2021 16:00:09 Hours

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සම්බන්ධිකරණ සාකච්ඡාවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ වවුනියාව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ටී. තිරේෂ් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සම්බන්ධිකරණ සාකච්ඡාවක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2021 අගෝස්තු මස 25 වන දින පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, ප්‍රාදේශීය ලේකම්වරුන්, වවුනියාව දිස්ත්‍රික්‍නියෝජ්‍ය පොලිස්පති, 56 වන සේනාංකයේ සේනාංකාධිපති, රාජ්‍ය නිලධාරින් සහ තවත් නියොජිතයින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල සෞඛ්‍ය අංශ, පොලිසිය, රාජ්‍ය නිලධාරින් සහ වෙළඳ නියෝජිතයින්ගේ සම්බන්ධිකරණයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවේදී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍රන් සහ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි විසින් මහජනතාව අතර වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිපැදීමේ ඇති වැදගත්කම අවධාරණය කරමින් කරුණු පැහැදිලි කළහ.

පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විසින් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අනවශ්‍ය සංචරණයන් සහ මහජන ඒකරාශීවීම් වැළැක්වීම සඳහා දැඩි අවධායක් යොමු කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත තවදුරටත් උපදෙස් ලබාදුන්නේය.