Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2021 09:00:39 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

සන්නද්ධ බුද්ධි බලකායෙන් ලද තොරතුරකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින චලෙයි පුදුමාතලන්, පට්ටිකරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 142.2 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගත් එම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ මෙරට මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා විශාල කාර්යභාර්යක් ඉටු කරන යුද්ධ හමුදා භටපිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලබයි.