Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2021 10:00:39 Hours

513 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව කෝපායි ‘කනම්’ ළමා නිවාසයේ දරුවන්ට දිවා ආහාරවේලක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ 26 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කෝපායි ‘කනම්’ ළමා නිවාසයේ නේවාසික දරුවන්ට දිවා ආහාරවේලක් සහ ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.

සිවිල් වැසියන් සහ හමුදාව අතර පවතින සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දියත් කරනු ලැබු මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේදී එම ළමා නිවාසයේ නේවාසිකව සිටින දැරියන් 24 දෙනෙකු සහ ගුරුභවතුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 16 දෙනෙකු වෙත දිවා ආහාරවේලක් පිරිනමනු ලැබීය.

කොවිඩ්- 19 වෛරසයේ බලපෑම හමුවේ එම දරුවන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සඳහා 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස් ඇතුළු එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.