29th August 2021 23:16:39 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් සිය ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව නිවස අගෝස්තු මස 20 වන දින නිවාසලාභින් වෙත භාරදුන්හ.
සැමියා අහිමිවිමෙන් පසුව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ හිසට සෙවණක් නොමැතිව සිය දියණිය සමඟ දිවිගෙවන වැන්දඹු කාන්තාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් ප්‍රතිපාදන ලබාදීමෙන් අනතුරුව 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදුන් ප්‍රතිපාදන යොදාගනිමින් භටපිරිස් විසින් රාජ්‍ය නිලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව නව නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකෙරිණි. මෙම නිවස ඉදිකිරීම සඳහා පර්චස් 10 ක බිම් කොටසක් රජයේ ඉඩමකින් ලබාදීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු කරන ලදී.
නව නිවස නිවාසලාභින් වෙත භාරදීමේ උත්සවය 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.