30th August 2021 07:12:57 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මහවැලි අධිකාරිය විසින් යුද්ධ හමුදාව වෙත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාරදී ඇති වැව් අතරින් තවත් වැව් දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මහවැලි අධිකාරිය වෙත පසුගියදා භාරදෙන ලදී.
ඒ අනුව, වැලිඔය, මහවැලි කලාපයේ මොනර වැව සහ ඈතාවැටුණු වැව යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් මෙලෙස ප්‍රතිසංස්කරණය කර බලධාරීන් වෙත භාරදුන්හ. යුද්ධ හමුදාව වෙත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහවැලි අධිකාරිය විසින් භාරදුන් වැව් 10 න් වැව් 4 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කර මහවැලි අධිකාරිය වෙත භාරදී ඇත.
මෙම වැව්දෙකේ ප්‍රතිසංස්කරණ කටයුුතු ලුතිනන් කර්නල් ක්‍රිෂාන්ත පුස්සේවෙල ගේ අධීක්‍ෂණය යටතේ 11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලද අතර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහවැලි අධිකාරිය විසින් ලබාදෙන ලදී.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දරගේ උපදෙස් මත යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනවිරත්නගේ අධීක්‍ෂණය යටතේ මෙම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
ජාතිය ගොඩනැගිමේ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.
මොනර වැව සහ ඈතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ඉඩම් අක්කර 300 කට වැඩි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීම සඳහා ඉඩහසර සැලසේ.