30th August 2021 15:00:35 Hours
ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේ F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් මීටර් 67.79 ක දක්‍ෂතාවයක් පෙන්නුම් කරමින් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ අනුමැතිය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් බළලත් නිලධාරි 1 නිලයට උසස් කර ඇත.